මෙරටදී අපරාධ සිදුකොට ඉන්දියාවට පලා ගොස් සිටින පාතාල සමජිකින් ළඟදීම දිවයිනට
ගේනවා ගැනීමට කටුතු කරනබව පොලිසිය පවසයි.

අද (15) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග
ප්‍රකාශ කළේ ඉන්දියාවට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප
දෙනෙකු ළඟදීම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරත් පැවසීය.

මේ අතර ඉන්දියාවට පලාගොස් සිටින මෙරට පාතාල කල්ලි සාමජිකයින් 20 කට ආසන්න පිරිසක්
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව එරට විවිධ බන්ධනාගාරවල රඳවා සිටින බව වාර්තා සඳහන් කරයි.

පොඩිලැසි හෙවත් ජනිත් මදුශංක නමැති පාතාල කල්ලි ප්‍රබලයද පසුගියදා ඉන්දීය පොලිසියෙන්
අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර මෙරටදී මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධයන් සිදුකොට ඩුබායි සහ
යුරෝපා රටවල් ඇතුළු විදේශයන්ට පලාගොස් සිටින අපරාධකරුවන් දිවයිනට ගෙන්වා ගැනීමට
ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටි.

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය හරහා අපරාධකරුවන් 50 කට ආසන්න පිරිසකට රතු වරෙන්තු
නිකුත්කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here