ජනාධිපතිවරයා විසින් මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවලට බොහෝ සෙයින් අසමාන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බවට මැතිවරණයේදී පැවසුවද, අවුරුදු 03 කදී අවස්ථා තුනකදී වැටුප් වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි අද (17) අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සකස් කරන ලද අයවැයක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙවර ඉදිරිපත් කළ අයවැය තුළ හොඳ කාරණා කිහිපයක්ද ඇති බවත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවයි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here