කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබෑමේදී ගුවන් යානයක් කඩා වැටී පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ගුවන් යානයේ සිටි 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් දරුවෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිට ඇති බව සඳහන්. එමෙන්ම එහි සිටි මගීන්ගෙන් විසි දෙදෙනෙකු කැනේඩියානු ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් අනතුර සිදුවන්නට ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇති යානය මිනියාපොලිස් සිට පැමිණි ඩෙල්ටා ගුවන් සේවයට අයත් යානයක් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here