ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වනවා.
ඒ අනුව, දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) සිට 25 වැනිදා දක්වා දින 7ක් පැවැත්වෙනු ඇති.
දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වැනිදා පස්වරු 6 ට සිදු කිරීමට නියමිතයි.