මෙම වසර තුළ දී ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත්, විද්‍යාපීඨ ගුරුවරුන් හට පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ජාතික පාසල් සහ පළාත් පාසල්වල පවතින ගුරු ඌණතා සඳහා එම පාසල් අතර ගුරුවරුන් තාවකාලිකව අනියුක්ත කරනු ලබන බවයි.