මතභේදාත්මක ක්‍රිෂ් කුළුණ ව්‍යාපෘතියට අදාළව රුපියල් මිලියන 70 ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදු කෙරුණා.
පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.