මුලතිව් ප්‍රදේශයේ පාසලකට බීමත්ව ඇතුලු වී සිසුවියක් රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව පාසලේ ගුරුවරුන් හා දෙමව්පියන් මල්ලාවී පොලීසියට 17 දා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
මෙම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන නිසා සවස් කාලයේදී සිසු සිසුවියන් ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වෙති.
පාසල් ශිෂ්‍යවන් තුන් දෙනෙකු තම විද්‍යාලය අසල පිහිටි වෙළද සැලකට ගොස් සිසිල් බීම බෝතලයක් රැගෙන ආපසු පාසල වෙත පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී සිටි මුලතිව් පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරියෙකු සිසුවියන් පසුපස පාසලටම පැමිණ තිබේ.
පසුව එක් ශිෂ්‍යාවක් කැදවා ඇයව රවටා ගෙන වැසිකිලිය වෙත යන්නට සූදානම් වූ අවස්ථාවේදී සිසුවියගේ කෑ ගැසීම නිසා පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියාව අල්ලා ගෙන තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස මල්ලාවී පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහුව වහාම වෛද්‍ය පරීක්ෂණ යකට යොමු කරණ ලෙසත් සෙසු පොලිස් නිලධාරීන්ගේ සහය මත ඔහු පලා යාමට ඉඩ ඇති නිසා ඊට ගැලපෙන ලෙස යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසත්ය.
මල්ලාවී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කොට තිබේ.
(දිනසේන රතුගමගේ)