අද (18) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නමුත් රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල වායුගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි යයි බලාපොරොත්තු වන බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.