හෝමාගම මූලික රෝහලේ සේවා කටයුතු අඩපණ වී තිබෙනවා.

ඒ එම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන්.

මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මේ වන විට වෛද්‍යවරුන් සහ රෝහලේ පාලනාධිකාරිය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සදහන්.

එහිදී පැමිණෙන එකඟතාවලින් අනතුරුව නැවත ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේවෙතත්, මේ හේතුවෙන් රෝගීන් මේ වන විට දිගු පෝළිම්වල රැදී සිටින බවද වාර්තාවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here