සේවය අත්හිටුවා සිටින පොලිස් නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමේදී මත්ද්‍රව්‍ය පරික්ෂාව අනිවාර්ය කර තිබේ.
වැඩ තහනමට ලක්ව සිට හෝ සේවය අත්හැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත හෝ සේවය අත්හිටුවා සිටි
නැවත සක්‍රීය සේවයට එක් වීමට පෙර මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට පෙනීසිටීමට නිර්දේශ කර ඇත.
මෙම මත්ද්‍රව්‍ය භාවිතාව පිළිබඳ වෛද්‍ය පරීක්ෂාව පොලිස් රෝහලේදී සිදුකළ යුතු බව වැඩබලන පොලිස්පතිවරයා විසින්
දිවයිනේ සියලුම ජේෂ්ඨ නිලධාරීන්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී තිබේ.
වෛද්‍ය පරීක්ෂණයෙන් කිසියම් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව අනාවරණය වුවහොත් එම නිලධාරියාට නැවත සක්‍රිය සේවයට එක්වීමට අවස්ථාව නොදෙන බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර සිටි.