2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය ලකුණු 50ක ජයක් ලැබීමත් සමඟයි.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 362ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 363ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුළු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 312ක් පමණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම එළඹෙන ඉරිදා(09) ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.