පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ, මැනිලා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් ජාත්‍යන්තර පොලිසියෙන් ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුවයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, රොඩ්රිගෝ ඩුටර්ටේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති බවත් පොලිස් දත්තවලට අනුව, 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි යන අපරාධ පිළිබඳ විමර්ශනයන්ට අදාළව වන බවයි.
වරෙන්තුවක් නිකුත් කළහොත් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඩුටර්ටේ ද ඊයේ හොංකොංහිදී ප්‍රකාශයක් සිදුකර තිබුණා.
එහිදී ඔහු අවධාරණය කර තිබුණේ, ආත්මාරක්ෂාව සඳහා මිස මත්ද්‍රව්‍ය සැකකරුවන් මරා දැමීමට පොලිසියට නියෝග කිරීමක් සිදු නොකළ බවයි.