පකිස්ථානයේ මගීන් සිය ගණනක් රැගත් දුම්රියකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සන්නද්ධ සටන්කාමීන් පිරිසක් විසින් දුම්රිය නවතා, මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ පකිස්ථානයේ බලුකිස්තාන් කලාපයේ දී බව සඳහන්.

මෙලෙස ප්‍රහාර එල්ලව ඇත්තේ, ක්වෙටා සිට රාවල්පින්ඩි දක්වා ගමන් කරමින් තිබූ ජෆාර් එක්ස්ප්‍රස් දුම්රියට බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, දුම්රිය සිය පාලනය යටතේ පවතින බවට සටන්කාමී කණ්ඩායම ද ප්‍රකාශ කර ඇති බවයි.

ප්‍රහාරයෙන් දුම්රිය රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here