මහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තිරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

ඔහු අද (11) මේ බව කියා සිටියේ, මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේදි පැවැත්වු මාධ්‍ය හමුවකදීයි.

පසුගිය මැතිවරණයට තමන් තරඟ නොකල බවත් අසතුටු සිද්ධීන් කිහිපයක් සිදුවු නිසා තම පක්ෂ කාර්යාලය මාස 3 ක් පමණ වසා දමන්නට සිදුවු බවත් ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

පොදුජන ‍පෙරමුණ මගින් තීන්දුවක් රැගෙන වගකීමක් බාර දුන්නොත් එය බාර ගැනිමට තමන් සුදානම් බවත්, මාලිමා රජය පොරොන්දු රාශියක් දුන් නමුත් ඒවා ඉටුවන බවක් පේන්නට නොමැති බවයි ඔහු පවසන්නේ.

ජනතාව දුන් වගකීම තමන්  ඉටු කළ බවත් පසුගිය මැතිවරණයේදි  විශාල  රැල්ලක් මාලිමාවට තිබුණ නිසා පිට ඡන්දය දුන් අයද ඒ පැත්තට ඡන්දය දුන් බවත් ලොහාන් රත්වත්තේ එහිදී කියා සිටියා.

ජනතාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්නටද තමන් කැමති බවද පවසමින් ඔහු කියා සිටියේ,මහනුවර පමණක් නොව ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්නට තමන්  සූදානම් බවත් පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවන බවයි.

අනුරුද්ධ රත්වත්තේ මහතාගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත් බලය රැක ගැනීම නොව මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීම වදගත් බවයි ඔහු පවසන්නේ.

ඒ වෙනුවෙන් තමන් යළි දේශපාලනයට පැමිණීමට කටයුතු කරනු ලබන බවද මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here