නීතිය , පොලිසිය හා ආණ්ඩුව ගැන පොලිස්පතිවරයාටම විශ්වාසයක් නොමැතිද යන්න
පිළිබඳව ප්‍රශ්නයක් මතුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි
පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියේ අද (12) පැවති මාධ්‍ය හමුවකට
එක්වෙමිනි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද පැවසීය .
‘‘මේ රටේ කවරදාකවත් නොමැති විදිහට පොලිස්පතිවරයා නීතියට අනුකුලව වැරැද්දක් සම්බන්ධව
අධිකරණයට හෝ පොලිසියට ඉදිරිපත් වන රටක් බවට අද ලංකාව පත් වී තිබෙනවා….. මෙය ඉතාමත්ම
බරපතල තත්ත්වයක්.
නීතිය පිළිබඳව , ආණ්ඩුව පිළිබඳව , පොලිසිය පිළිබඳව පොලිස්පතිවරයාටම විශ්වාසයක් නැති වෙලාද
කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තිබෙනවා.
පොලිස්පතිවරයාට පමණක් නෙවෙයි සියලුම දෙනාට නිතිය පොදුයි. නමුත් පොලිස්පතිවරයා පොලිසියට
භාර වෙන්නේ නැති ප්‍රශ්නයක් තිබෙනවාද කියන සැකය අපිට මතු වෙනවා.
එසේ නැතිනම් ආණ්ඩුව පොලිස්පතිවරයාව ආරක්ෂා කරනවාද සැකය අපිට මතු වෙනවා. මෙය බරපතල ප්‍රශ්නයක්.
ඒ වගේම රටේ තවමත් වෙඩි තැබිම් සිදුවෙනවා… ඒ වගේම විශාල සෙනගක් සිටින රෝහලක වෛද්‍යවරියක්ව
දූෂණය කරලා තිබෙනවා.
මේ රටේ සාමාන්‍ය ජනතාවට , මධ්‍යම පාන්තික ජනතාවට , රාජ්‍ය නිලධාරින්ට , මාධ්‍යවේදින්ට අද රට තුළ
ආරක්ෂාවක් නැහැ.
මෙය රටේ තිබෙන බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්න වලට විසදුමක් ලබාදිය යුතුයි. ඒ වගේම
පාතාලයට සම්බන්ධ කාන්තාවක් තවමත් සොයා ගැනිමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම දේශපාලඥයෙකුත්
හැංගිලා ඉන්නවා තවම ඒ පුද්ගලයාවත් සොයා ගැනිමට නොහැකි වෙලා තිබෙනවා.
මේ ආකාරයට කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව ආණ්ඩුව කටයුතු කිරිම නිසා ආණ්ඩුව බලය ලබාගැනිමට පෙර
කියලු දේවල් සම්පුර්ණයෙන් අසත්‍යයි කියලා රටේ ජනතාව දැන් පිළිගෙන තිබෙනවා.
ඒ වගේම වර්තමාන ආණ්ඩුවට කිසිවක් සිදුකරගැනිමට නොහැකි කණ්ඩායමක් බවත් දැන් ජනතාවට තේරුම්
ගොස් තිබෙනවා.”