2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත 2025 දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්ටර් උමාර්ගේ විධිමත් ඉල්ලීමකට අනුවයි SAFF සාමාජික රටවල් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට 2008 දී SAFF ශූරතාවලියට සත්කාරකත්වය ලබා දුන්නා.

වසර 17 ක දිගු කාලයක් බලා සිටීමෙන් පසු, ” දකුණු ආසියාවේ ලෝක කුසලානය” ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට නැවතවරක් අවස්ථාව ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here