කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා
සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඉහත තීරණය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ
උත්සවයේදී ප්‍රකාශයට පත් කළේය.

කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කිරීමට
සමගි ජන බලවේගය සූදානම් නම් ඒ සඳහාද ලබන 20 වැනිදා තෙක් කාලය ලබාදීමට එක්සත් ජාතික
පක්ෂ නායකයන් ගත් තීරණයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here