පාකිස්ථානයේ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගත් දුම්රියෙහි මගීන් 300කට (346) වැඩි පිරිසක් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සටන්කාමීන් විසින් මෙලෙස දුම්රිය නවතා, ප්‍රහාරයක් එල්ල කර ඇති බව පසුගියදා (11) වාර්තා වූයේ පකිස්ථානයේ බලුචිස්තාන් කලාපයේ දී යි.

එම අවස්ථාව වන විට දුම්රියෙහි මගීන් 400 දෙනෙකු සිටි බව සඳහන්.

දුම්රිය පැහැරගැනීම සිදුකළ සටන්කාමීන් ප්‍රකාශ කර තිබුණේ පැය 48ක කාලයක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමඟ දුම්රිය පුපුරුවා හරින බව‍යි.

කෙසේ නමුත් පාකිස්ථාන ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුමකින් අනතුරුව අදාළ දුම්රිය මගීන් පිරිස මෙලෙස මුදාගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම පාකිස්ථාන බලධාරීන් අවධාරණය කරන්නේ, දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33 දෙනාම ඝාතනය කළ බවයි.

මීට අමතරව දෙපාර්ශ්වය අතර ඇති වූ වෙඩි හුවමාරුවේ දී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකුද මියගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here