රුපියල් මිලියන ගණනක් වංචාකළ පුද්ගලයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ
නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්ඩංගුවට ගෙන තිබේ .

අවස්ථා දෙකකදී රුපියල් මිලියන 65 ක මුදලක් ලබාගෙන එම මුදල් අපසු ලබා නොදී
වංචා කිරීමක් සහ සාපරාධී විශ්වාසය කඩකිරීමක් හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත්
බව පොලිසිය පැවසීය .

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී, ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල්
මිලියන 65 ක මුදලක් අවස්ථා දෙකකදී ලබා ගෙන නැවත එම මුදලින් රුපියල් 30,200,000/- ක
]පමණක් ලබාදී ඉතිරි සම්පූර්ණ මුදල වන රුපියල් 34,800,000/- ක මුදලක් ලබා නොදී වංචා කර
සාපරාධි විශ්වාසය කඩකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here