එළඹෙන සෙනසුරාදා දින එනම් 15 වැනිදා සිදුකිරීමට නියමිත වන සත්ත්ව සංගණනය වෙනුවෙන් මුළු රටම මහත් උද්‍යෝගයකින් පසුවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, දෙරණ ‘BIG FOCUS’ වැඩසටහන හා සම්බන්ධ වෙමින්.

සත්ත්ව සංගණනය සම්පුර්ණයෙන් නිවැරදි දත්ත ලබාගැනීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බවත් මෙමගින් ලබාගන්නා දත්ත කෘෂිකාර්මික ඵලදාව වැඩි කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම මෙරට තුළ මීට ඉහත මෙවන් කටයුත්තක් සිදුව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

අදාළ සංගණනය වෙනුවෙන් යෝජිත සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන වේලාව උදෑසන කාලය වන බැවින්, මෙම කටයුත්ත සඳහා පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය යොදාගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඊට ඉත්තෑවා සහ ඌරා වැනි වගාවන්ට හානි කරන සතුන් ද ඇතුළත් කළේ නම්, මෙම කටයුත්ත ප්‍රායෝගික නොවී හාස්‍යයට ලක්වීමට ඉඩ ඇති බවයි නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ.

“ඇතැම් විට තවත් වටයකින් අපිට මේක බලන්න වෙයි. තව වෙලාවක් දාන්න වෙයි.
යම් අදහසක් අපිට ගන්න පුළුවන් ඒත් 100%ක් නිවැරදි දත්ත එනවා කියලා කියන්න බැහැ.
අනිවාර්යයෙන් මීට අදාළ දත්ත තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් රටක සත්තු පිළිබඳ අධ්‍යයනයක් කරන්න.”
ලොකු තාක්ෂණික ක්‍රමවේදවලට අපිට යන්න විදියක් නැහැ.
ඒ තරමට අපි දියුණුවෙලා නැහැ. එහෙම කරන්න ලොකු වියදමක් යනවා. මෙකත් එක්ක කරන්නේ සහභාගීත්ව සමීක්ෂණයක්.
සමහර විට අවශ්‍ය නැති අයටත් සමීක්ෂණ පත්‍රිකාව ලැබෙන්න පුළුවන්.
අවශ්‍ය නැහැ කියලා පත්‍රිකාව නොදී ඉන්නත් බැහැ. ඒක හැමෝටම දෙන්න ඕනේ.”

මේ අතර වන සත්ත්ව සංගණනයට අදාළ පත්‍රිකා මුද්‍රණය සඳහා වැය කරනු ලැබුවේ සත 30 ක මුදලක් පමණක් බවත්, එම මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සිදුකළ අතර සංගණන පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා වැය වූ සම්පුර්ණ මුදල රුපියල් 2,478,000.00 (වැට් සහිත) බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මීට ඉහත තහවුරු කර තිබුණා.

ඒ, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනුරාධ තෙන්නකෝන් නමැත්තා විසින් පත්‍රිකාවක් මුද්‍රණය සඳහා ආසන්න වශයෙන්ම රු.10.00ක් වැය කර ඇති බවටත් මුද්‍රණය සඳහා මුළු වියදම කෝටි හතකට ආසන්න බවටත් දක්වන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත්, අදාල අසත්‍ය ප්‍රවෘත්තිය පලකළ මාධ්‍ය ආයතන එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසත් අවධාරණය කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here