2022 වසරේ සීදුව පොලිස් වසමේ වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමි නමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ සිදුවීමකට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විදේශගතව සිට මෙරටට පැමිණීමේ දීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ඝාතනය එම විහාරස්ථානයේම වැඩ වාසය කළ හිමිනමක් විසින් සිදු කර ඇති බවත් එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින තරුණියක් මෙම ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි.
ඒ අනුව වැඩිදුර විමර්ශනයෙන් පසු අදාළ සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇයට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද ලබා ගෙන තිබෙනවා.
අනතුරුව මෙම සැකකාරිය ඊයේ (12) දින අළුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන් තොටුපළ පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාරිය අද (13) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.