මෙතෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර සැගවී සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය, මිනීමැරුම් සහ තවත් නඩු ගණනාවක වරෙන්තුකරුවෙකුව සිටි බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් නැමති පුද්ගලයා අද (13) දින මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වී සිටි 36 හැවිරිදි බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් කූඨ ලේඛන සැකසීම සහ මත්ද්‍රව්‍ය චෝදනා සදහා දැනට ඉන්දියාවේ චෙන්නායි නුවර බන්ධනාගාරගතව සිටින බාලචන්ද්‍රන් කන්නා නොහොත් ‘පූකුඩුකන්නා’ නැමැත්තාගේ බාල සොහොයුරායි.
බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් 2023 වසරේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර රැඳී සිටි අතර ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ, මාළිගාවත්ත, මෝදර සහ වෙරළබඩ පොලීසිය විභාග වන නඩු ගණනාවක් සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි සුරේන්ද්‍රන් අරුණගිරි නැමති ව්‍යාජ නමකට කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් යටතේ අද (13) දින අලුයම 02.00ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.