ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය කළ 61 හැවිරිදි සිරිදත් ධම්මික නම් අය බවයි වාර්තා වන්නේ.

ඔහු නිවසේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here