රෝහල් වල පවතින ඖෂධ හිඟය මගහරවමින් ෆියුරෝසේමයිඩ් එන්නත් තොගයක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට තිබේ.

ඒ අනුව ෆියුරෝසේමයිඩ් එන්නත් 50,000 ක තොගයක් කොළඹ ඉන්දීය මහාකොමසාරිස්
සන්තෝෂ් ජා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත බාර දුන් බව
ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය පැවසිය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරෙකු වශයෙන් සෞඛ්ය ක්ෂේත්‍රය ඇතුළු විවිධ
අංශයන්හි දුෂ්කරතා හා හිඟතාවයන් ඇතිවූ කාලවලදී පළමුවෙන්ම ප්‍රතිචාර දක්වනු
ලබන්නේ ඉන්දියාව බව ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවදනයක
සඳහන් වේ.

කොර්විඩ් – 19 වසංගත සමයේදී ඉන්දියාව ඖෂධ ටොන් 25 ක් පමණ ශ්‍රී ලංකාවට ලබා දුන්
අතර 2021 ජනවාරි මාසයේදී කොව්ෂීල්ඩ් (COVISHIELD) එන්නත් මාත්‍රා 500,000 ක් පරිත්‍යාග
කර තිබේ.

එමෙන්ම අන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ද පරිත්‍යාග කොට ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ගිය අවස්ථාවේ ඩොලර් බිලියනයක ඉන්දීය ණය පහසුකම
යටතේ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලැබිය.

විශේෂයෙන් 1990 සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳවද සඳහන් කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here