ග්‍රාම නිලදාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව, රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරි වලින් ඉවත් වන බවට එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

අනාරක්ෂිත හා ජන ශුන්‍ය ප්‍රදේශ වල පවත්වා ගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්‌යාල කටයුතු සිදු කිරීම මෙන්ම පස්වරු 01 දක්වා පමණක් කාර්යාලයේ රැඳී සිටීම එම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ ග්‍රාම නිලධාරිනියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා කඩිනම් විසදුම් ලබා ගැනීම සදහා බැවින්, ඊට කඩිනම් විසදුම් ලබාදෙන තෙක් සියලු ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වන බව ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය වැඩිදුරටත් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here