අද (13) පස්වරුවේ ඝාතනයට ලක්වූ විශ්‍රාමික බන්ධනාගාර සහකාර අධිකාරිවරයාගේ ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අක්මීමන පොලීසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් 4ක් මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, වයස අවුරුදු 61ක් වූ ඉහළගොඩ, අක්මීමන ප්‍රදේශයේ පදිංචි සිරිදත් ධම්මික නම් අයයි.
පොලිසිය සඳහන් කළේ, ඝාතනයට ලක්වූ හිටපු බන්ධනාගාර සහකාර අධිකාරිවරයා තලගහ ඉහළගොඩ ප්‍රදේශයේ නිවසක මිදුලේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලද ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.