ව්‍යාජ අංක තහඩු සහිතව මහ මග ධාවනය කරන සුඛෝපභෝගී වාහන 2000 කට වැඩි
ප්‍රමාණයක් හඳුනා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
කොළඹ නගර සිමාවේ ස්ථාපිත කොට ඇති ආරක්ෂක කැමරා පද්ධතිය තුලින් මාර්ග
නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරන රියැදුරන් හදුනා ගැනීමට ගැනීමට සිදු
කරන මෙහෙයුම් වලදී මෙම ව්‍යාජ අංක තහඩු සහිත වාහන හඳුනා ගැනීමට හැකිවී ඇත.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය මෙම රථ වාහන මෙහෙයුම දියත් කල අතර පසුගිය
වසරේ දෙසැම්බර් 31 වැනිදා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ වාහන 12,250 කට
අසන්න සංඛ්‍යාවක් නිරීක්ෂණය කොට ඇත.
මෙලෙස හඳුනා ගන්නා වාහනවල හිමිකරුවන්ගේ ලිපිනයන් සොයාගැනීමට මෝටර් රථ
ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සහය ගනු ලැබේ.
ඒ අනුව 12,250 අසන්න මෙම වාහන වල අනන්‍යතාවය සොයා බැලීමේදී අංක තහඩු
2,260 ක් පමණ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියේ ලියාපදිංචි
කර නොමැති බව අනාවරණයවී තිබේ.
මෙම ව්‍යාජ අංක සහිත වාහන පිළිබඳව පොලිස් ස්ථානවලට දැනුම් දී අත්අඩංගුවට
ගැනීමේ මෙහෙයුමක් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කොට තිබේ .