ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍ර මගින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ තරුණියන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම ඉතාලි වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here