ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා ලෙස සැලකෙන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා.
වයස අවුරුදු 191 ක් ලෙස වාර්තාවල සඳහන් වූවත් ජොනතන්ගේ වයස අවුරුදු 191 කට වඩා වැඩි බවද පැවසෙනවා.
ජොනතන් ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයාට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කියනවා.
1832 වසරේදී නැගෙනහිර අප්‍රිකාවේ උපත ලබා ඇතැයි විශ්වාස කෙරෙන ජොනතන් 1882 වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතට රැගෙනවිත් තිබුණා.
ඇසේ සුද පැමිණ අන්ධ වී ඇති නමුත් ජොනතන් හොඳ ශරීර සෞඛ්‍යකින් සිටින බවද වෛද්‍යවරු පවසනවා.
ජොනතන්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇතත් කෑම රුචිය නැතිවී ගොස් නොමැති බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
මේ වනවිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාරවරයාගේ නිවසේ අවුරුදු 141 ක් ජීවත්ව තිබෙනවා.