මිටියාගොඩ පොලිස් වසමේ තඹ හිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 03 වන දින මිටියාගොඩ පොලිස් වසමේ තඹ හිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි
පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා පලා ගියා.

මෙහිදී වෙඩි වැදුණු එක අයෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් අයෙක් මාරාන්තික
ලෙස තුවාල ලැබුවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිසිය මගින් විමර්ශන සිදු කරන අතර

පෙරේද (06) දින මිටියාගොඩ පොලිස් වසමේදී මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද
තොරතුරක් මත එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු
ලැබුවා.

සැකකරුවන් අවුරුදු 27, 40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන්
බව පොලිසිය සඳහන් කළා.

මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here