නිති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප්, ටැබ් යන්ත්‍ර, දුරකථන, හා රන් භාණ්ඩ
තොගයක් සැකකාරියන් දෙදෙනෙකු සමඟ කටුනායක ගුවන්තොටුපළෙදී අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

ඊයේ (19) දින උදෑසන කාලයේ ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
කටුනායක ගුවන් තොටුපළ පැමිණිමේ පයන්තයේදී වැටලීමක් සිදු කර ඩුබායි රාජ්‍යය සිට පැමිණි
ගුවන් යානයකින් පැමිණි කාන්තාවන් දෙදෙනෙකු පරික්ෂාවට ලක්කොට තිබෙනවා.

එහිදී තීරු බදු රහිතව නීති විරෝධී ලෙස රැගෙන එන ලද ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර 09 ක්. ටැබ්
යන්ත්‍ර 02ක්, ජංගම දුරකථන 08 ක් හා රන් මාල 07 ක් අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ
පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 35 හා 50 වයස්වල පසුවන කිත්තම්පහුව හා කොලොන්නාව
ප්‍රදේශ වල පදිංචිකාරියන් බව සඳහන්.

සැකකාරියන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රේගු නිලධාරීන් වෙත භාරදී ඇති බව පොලිසිය
පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here