තමන් යුද්ධ කළේ සාමය වෙනුවෙන් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (මැයි 20) පෙරවරුවේ රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමින්.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, තමන් මෙම සැමරුමට එක්වූයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ,

“යුතුකමක් ඉටුකරන්න අද අපි ආවා, වෙන කිසිදෙයක් නෙවෙයි යුතුකමක්.
මම යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි, ඒක හරි. කාවවත් අල්ලගන්න නෙමෙයි යුද්ධ කළේ. අපි යුද්ධ කළේ සාමය වෙනුවෙන් රට බේරගන්න.
ඉදිරියට මේවා කරයි ද.. නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමයි තීරණය වෙන්නේ.
යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදාව ජයග්‍රහණය කරා. යුද්ධයේදී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි නේද.
ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. රට ආරක්ෂා කරන්න ඕනේ…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here