නීත්‍යානූකූල නොවන අයුරින් තනතුරු වලට පත් කිරීම් සිදු කිරීමට අමාත්‍යංශ ලේනම්වරයා
පෙළඹවීමේ චෝදනා මත හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දුෂණ
විමර්ශන කොමිසම නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි
ක්‍රියාපටපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප අධ්‍යක්ෂ
ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් එලෙසම නීත්‍යානූකූල නොවන අකාරයට
වියළි කලාප ව්‍යාපෘතියේ විවිධ තනතුරු වලට පත් කිරීමට අමාත්‍යංශ ලේනම්වරයා පෙළඹවීම
ඇතුළු අධි චෝදනා එකොලහක් යටතේ හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අද(20) කොළඹ
මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතරතුරදී එකී වැරැදි සිදු කිරීමෙන් අල්ලස්
පනත යටතේ ගැනෙන දඬුම් ලැබිය හැකි වැරැදි සිදු කළ බවට චෝදනා නගා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here