නුවරඑලිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑලිය දක්වාත්, නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑලියේ සිට හග්ගල දක්වාත්, නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ දක්වාත් මෙම ඝණ මීදුම් තත්වය පවතී.

වරින්වර මතුවන ඝණ මීදුම් තත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑලිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here