වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දි රන් ආලේපිත ටි56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සමග වයෝවෘද්ධ ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාව සිය මෝටර් රථය වාහන ගාල් කරන ස්ථානයේ නවතා එහි ඩිකියේ තබා තිබු ගිනි රැගෙන අත දරාගෙන උඩුමහලේ පිටි නිවස කරායාමේදී ඒ බව ආරක්ෂක නිලධාරීන් විසින් දැක පොලිසියට දැනුම් දී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම කාන්තාවගෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය සිතා ඇත්තේ දරුවකුට සෙල්ලම් කිරීම සඳහා යොදාගත් සෙල්ලම් ගිනි අවියක් දරුවකු විසින් මෙම දිගියේ තබන්නට ඇතැයි යැයි සිතා තමන් රැගෙන ගිය බවයි.
ඇයගේ මෝටර් රථය බොරැල්ල සූසාන භූමිය ආසන්නයේද නතර කර තබා තිබී ඇති අතර එය අගුල් නොදමා තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් එම කාන්තාවගේ ප්‍රකාශය සහ ගිනි අවිය මෝටර් රථය තුළට පැමිණියේ කෙසේද යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.
එකී කාන්තාව 67 හැවිරිදි තැනැත්තියකි
වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කෙරේ.
(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ)