ගල්නෑව තොරණේගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් අටපිරිකර සොරා ගන්නා ලද, කුරුණෑගල මහකෙලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු ගල්නෑව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අදාළ සොරකම සම්බන්ධයෙන් එම විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් විසින් ගල්නෑව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මකව, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
සැකකරු පෙරදින රාත්‍රී කාලයේ ගල්නෑව තොරණේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ගබඩා කාමරයක් බිඳ ඊට ඇතුලුව එහි තිබූ රුපියල් 2500ක් පමණ වටිනා අටපිරිකර 06ක් සොරාගෙන ඇති බව සඳහන්.
සැකකරු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ සොරකම් කරන ලද අටපිරිකර සහිත විශාල බෑගයක් ද අතැතිව කරුණෑගල ප්‍රදේශයට පලා යාම සඳහා ලෝලුගස්වැව ප්‍රදේශයේ බස් නැවතුම්පලක රැදී සිටියදී බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම සැකකරු කලක් යුධ හමුදාවේ සේවය කර පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති අයෙකු වන බවත් සඳහන්.
සිද්දිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර අත්අඩංගුවටපත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(කැකිරාව කුෂාන් ජයවර්ධන)