හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුව ඇත්තේ, දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා තිබියදීයි.
එම අවස්ථාවේදී වාහන දෙකක් නවතා තිබියදී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී තිබෙනවා.
අනතුරුව වෑන් රථය ගොස් බවුසරයක ගැටී ඇති බව සඳහන්.
අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.