තාත්තන්කුඩි පොලිස් වසමේ මන්මුනේ පාලම අසල කළපුවෙහි පුද්ගලයෙකු කිඹුලෙකු විසින්
ඩැහැගෙන ගොස් තිබෙනවා.
මන්මුනේ පාලම අසල කළපුවෙහි ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස
කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ මසුන් අල්ලමින් සිටියදී එක්වරම කළපු දියෙන්
මතු වූ කිඹුලෙකු මොහු ඩැනැගෙන ගොස් ඇති බව කාන්තන්කුඩි පොලිසිය කළ විමර්ශන වලදී
අනාවරණයවි තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මුලස්ථානය හා කජුවත්ත නාවික හමුදා කඳවුර දැනුවත්
කොට කිඹුලා ඩැහැගත් පුද්ගලයා සෙවීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.