පසුගියදා ගල්කිස්ස සිල්වෙස්ටර් හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීමේ
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනුව මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 05
දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය මැයි 05 වන දින ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකුට වෙඩි තබා
ඝාතනය කරනු ලැබුවා.
සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය
මඟින් විමර්ශන සිදු කරමින් පවතිනවා.
ඒ අනුව ඊයේ (20) දින රාත්‍රී කාලයේදී ගල්කිස්ස, ඕඩියන් ප්‍රදේශයේදී මෙම අපරාධය සඳහා ආධාර
අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන
කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු 33 හැවිරිදි දෙහිවල, ඕබන් පෙදෙසෙ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු
කරනු ලබනවා.