මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 500ක පමණ එවැනි ස්ථාන ඇති බවයි.

ඉන් කිලෝමීටර් 15ක ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇති.

මේ යටතේ මහනුවර , මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ගවල අවදානම් ස්ථානවලද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

1 COMMENT

  1. Great weblog right here! Also your web site so much up fast!
    What web host are you the usage of? Can I get your associate link in your host?
    I want my site loaded up as fast as yours lol

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here