අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මගින් ඊයේ (20) නම් කරනු ලැබුවා.

ඒ අනුව රමිත් රඹුක්වැල්ල අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here