වවුනියාව,සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබි පතුරම් තොගයක් හා තවත් යුධ උපකරණ තොගයක් ඊයේ(21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී පතුරම් තොගය හා යුධ උපකරණ තොගය සොයාගත් බවයි.

ටි 56 වර්ගයේ ගිනි අවි වෙනුවෙන් යොදාගන්නා පතුරම් 296 ක්,ටි 56 ගිනි අවි වෙනුවෙන් පුහුණුවීම් වෙනුවෙන් යොදාගන්නා පතුරම් 124 ක්,එම් 16 වර්ගයේ පතුරම් 19 ක්,ෂොට්ගන් වර්ගයේ ගිනි අවි වෙනුවෙන් යොදාගන්නා පතුරම් 27 ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් භාවිතා කරන නිළ ඇදුම් කොටස් 12 ක් ඇතුළු තොගයක් අදාළ නිවසේ තිබි අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරීම වෙනුවෙන් අදාළ පතුරම් රැස්කර තබන්නට ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළහ.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here