රජයට විශාල තීරුබදු ප්‍රමාණයක් අහිමි කරමින් නීති විරෝධිව ගෙන්වන ලද දුම්වැටි
තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු හා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
ඊයේ (21) මන්නාරම පොලිස් වසමේ ඔලු තුඩුවායි ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නායක
කාර්යාශයේ මන්නාරම ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු
කර තිබෙනවා.
එහිදී තීරු බදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්නවන ලද දුම්වැටී 168,000 ක්
ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයද සමඟ හා ඊට
ආධාර අනුබල දුන් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය
පවසනවා.
අත්අඩංගුවට ගත් ලාංකිකයින් දෙදෙනා අවුරුදු 22 හා 67 යන වයස්වල පසුවන මන්නාරම
හා කොළඹ 14 ප්‍රදේශවල පදි විකරුවන් වන අතර ඉන්දියන් ජාතික සැකකරු වයස අවුරුදු 53ක්
වන වෙන්නායි ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයෙකි.
මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.