වැඩි වශයෙන් වෙඩි තැබීම් ඇතුලු අපරාධ සිදුවන බවට වාර්තා වන දකුණු පළාතේ එලෙස අපරාධ සිදු වීමට හේතුවන කරුණු සොයාබැලීම සදහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර සදහන් කළේ, රුහුණු විශ්වවිද්‍යාලය සමග එක්ව එම පර්යේෂණය සිදු කරන බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ වෙඩි තැබීමේ සිද්ධින් 47 ක් වාර්තා වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 30 ක්.
ඒ අතරින් වෙඩි තැබීම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත්වලයි.