ආසියානු කලාපයේ රටවල් තුළ පැතිර යන කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් මෙරට තුළ අවදානමක් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පැවසුවේ ඒ පිළිබඳව අනිසි බියක් කර ගත යුතු නොමැති බවයි.
කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රබේදයක් ලෙස හඳුනාගෙන ඇති JN1 වෛරසය මේ වන විට ආසියානු කලාපයේ රටවල් රැසක සක්‍රීයව ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ,. පසුගිය මාස කිහිපය පුරා ආසියාවේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර මෙම නව ප්‍රබේදය වන JN1 වෛරසය හොංකොං, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාවෙන්ද හඳුනාගෙන ඇති බවයි.
මේ වන විට මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු වීම මත මෙම JN1 වෛරසය ව්‍යප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.
කෙසේවෙතත් මෙම JN1 වෛරස් ප්‍රභේදය මාරාන්තික වෛරසයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා.
කොවිඩ් වෛරසයට පොදු රෝග ලක්ෂණ වන කැස්ස, හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ගඳ සුවඳ හා රස නොදැනීම මෙම JN1 වෛරසයේද ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර ඇඟපත මලානික වීම, වමනය, අධික තෙහෙට්ටුව, මාංශපේශී වේදනාව, ආහාර අරුචිය යන රෝග ලක්ෂණද ඇතිවිය හැකියි.