රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේ හඳුන්වා දී ඇති මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා ලංකා බැංකුව සමග එක්ව නව කාඩ්පත ලබා දී තිබෙයි.

මෙහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ ඒ එස් ද රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ලංකා බැංකුවේ නිපැයුම් හා බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහා කළමනාකරු වයි එල් ඒ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here