නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බිඩී කොළ තොගයක් සමඟ සැකකරුවන් 07
දෙනෙකු අත්අඩංගුවට ගත බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
ඊයේ (22) සවස වෙන්නප්පුව පොලිස් වසමේ උල්හිටියාවේ හාල්මැස්සන් තොටුපල වෙරළ තීරයේදී
පොලිසිය හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බිඩි කොළ කිලෝ ග්‍රෑම් 1100 අධික
ප්‍රමාණයක් ලොරි රථයට හා වෑන් රථයකට පටවමින් සිටි පුද්ගලයන් 07 දෙනෙකු එම ලොරි රථය හා
වෑන් රථය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.
මෙම සැකකරුවන් අවුරුදු 20 ත් 32 ත් අතර වයස්වල පසුවන පන්නල, මිනුවන්ගොඩ, නාරංගොඩ,
ඇලබඩගම, හා නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසෙනවා.
වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.