නෙස්ලේ ලංකා හි Nestlé Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත Nestlé Golden Chef’s Hat තරඟාවලිය සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමද පසුගියදා සිදු විය.
මෙහිදී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් 2025 Nestlé Golden Chef’s Hat තරඟාවලියේ වෘත්තීය කාණ්ඩය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය. ඒ යටතේ දිවයින පුරා කලාප 9ක තරඟ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කලාපීය තරඟ වටයන්හිදී මේ දක්වා දිවයිනේ ප්‍රමුඛ පෙළේ හෝටල් නියෝජනය කරමින් හැකියාවන්ගෙන් පිරිපුන් සූපවේදීන් 180කට අධික ප්‍රමාණයක් සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.
මෙම වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ එක්ව Nestlé Professional විසින් Junior Nestlé Golden Chef’s Hat තරඟාවලියද සංවිධානය කරන ලදී. එය මෙරට හෝටල් කර්මාන්තයේ නියැලී සිටින සිසු සිසුවියන්ගේ හැකියාවන් ඉහළ නැංවීම හා හෙට වසේ සූප ශාස්ත්‍ර විශිෂ්ටයින් නිර්මාණය කිරීම අරමුණු කරගත්තකි. හෝටල් ක්ෂේත්‍රයේ සිසුන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කණිෂ්ඨ තරඟාවලියේ කලාපීය තරඟයන් රටපුරා ප්‍රමුඛ හෝටල් පාස් අතර පවත්වනු ලබයි. එය මෙරට තරුණ සූපවේදීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා වන සුවිසල් අවස්ථාවක් ලෙසද සඳන් කළ හැකිය.
ප්‍රධාන තරඟයෙන් හා කණිෂ්ඨ තරඟයෙන් ජයග්‍රහණය කරමින් අවසන් වටයට තේරුණු තරඟකරුවන් ජූනි 14 වන දින පැවැත්වීමට නියමිත 2025 Culinary Art Food Expo හිදී තරඟ වදිනු ඇත. එහි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස Nestlé Professional කටයුතු කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා සඳහන් කර සිටියේ “මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය සඳහන් කළ හැකියි. ආහාරයන්හි පෝෂණය තුළින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ආයතනයක් ලෙස අප මෙම වැඩසටහන හරහා මෙරට ආධුනික හා තරුණ සූපවේදීන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය හා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාම සතුටුයි. මෙම තරඟය සේවක ප්‍රජාව තුළ දියුණුව හා ප්‍රජා දායකත්වය උදෙසා අවශ්‍ය කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් සමඟින් තාරුණ්‍ය ශක්තිමත් කිරීමේ අපගේ Nestlé Needs YOUth වැඩසටහනෙහි අරමුණද මනාව පිළිබිඹු වනවා. Nestlé Golden Chef’s Hat තරඟාවලිය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව හෝටල් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහාද සුවිසල් පිටිවහලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.” යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ ලංකා සූපවේදීන්ගේ සංසදයේ සභාපති ජෙරාඩ් මෙන්ඩිස් මහතා “මෙම සුවිශේෂී වැඩසටහනේදී තරුණ සූපවේදීන්ට ඔවුන්ගේ හැකියාවන් එළි දැක්වීමට වගේම ජාතික තලයේ පිළිගැනීමක් ලබා ගැනීමටි සුවිසල් අවස්ථාවක් උදා වන බැවින් ඒ සඳහා Nestlé Professional සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා. මෙම තරඟය හරහා සිය හැකියාවන් එළි දක්වමින් ශක්තිමත්ව ඉදිරියට යන තරුණ සූපවේදීන්ගේ නිර්මාණශීලීත්වය හා උනන්දුව දැක ගැනීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවසීය.
ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැටි්‍රක් පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ මෙම වැඩසටහනෙහි කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය ඉතා සතුටට පත් වෙනවා. හෝටල් අංශය නියෝජනය කරන අපගේ සිසු සිසුවියන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම කුසලතා පෝෂණය කිරීමට Nestlé Golden Chef’s Hat තරඟාවලිය තුලින් සුවිසල් අවස්ථාවක් උදා වනවා. ඒ වගේම අනාගත සූප ශාස්ත්‍ර විශේෂඥයින් බිහිකිරීමටත්. මෙරට හෝටල් කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමටත් මෙය කදිම අවස්ථාවක් වන බව සඳහන් කළ හැකියි. ” යනුවෙනි. අද මෙන්ම ඉදිරි පරම්පරාවේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරයන් සතු හැකියාව විදහා දැක්වීමේ අරමුණින් දරුවන්ගේ සිට මහලු විය දක්වා ශ්‍රී ලංකාවේ පවුල් පරම්පරාවන් වෙත ඉහළම තත්වයේ පෝෂණීය ආහාර පාන ලබා දීමට නෙස්ලේ කටයුතු කර ඇත. නිරන්තරයෙන් ආහාර සේවා වෘත්තිකයින් සමඟ එක්ව කටයුතු කරන නෙස්ලේ ලංකා හි Nestlé Professional Sri Lanka අංශය සාර්ථකත්වය වෙනුවෙන් අවැසි සුවිශේෂී ව්‍යාපාරික අභියෝග හා අවස්ථා සඳහා විසඳුම් ලබා දීම සඳහා කැපවී කටයුතු කරයි.