ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි ත්‍යාගලාභී ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදු කෙරුණා.
මේ අතුරින් වැඩිම ජයග්‍රාහකයින් පිරිස කාන්තාවන් වීම විශේෂත්වයක්.
වාසනාවේ විශ්වාසය රැක ගනිමින් දශක 06 ක කාලයක් පුරා කෝටිපතියන් විසිලක්ෂපතියන්/ දස ලක්ෂපතියන් / පන් ලක්ෂපතියන් / ලක්ෂපතියන් මෙන්ම සෙසු ත්‍යාගලාභීන් රැසක් බිහිකළ ජාතික ලොතරැයි මණ්ඩලය සිය ටිකට්පත් අලෙවියෙන් මෙරට සංවර්ධන ක්‍රියාවලියට ද දායකත්වය ලබා දෙනවා.
රුපියල් පහලොස් කෝටි විසි දෙලක්ෂයක වටිනාකමකින් යුත් තවත් මුදල් චෙක්පත් ජයග්‍රාහකයින් වෙත පිරිනැමීම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න / පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ /ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.