රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ශ්වසන අපහසුතා මතුවීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු පෙරේදා (21) පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර, බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුව M – 2 වාට්ටුව වෙත යොමුකර තිබුණා.  

එහිදී තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබෙන බවට පවසා තිබෙනවා.

බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කිරීමේදී රමිත් රඹුක්වැල්ල පවසා ඇත්තේ, තමන්ට නිදාගැනීමේදී ද ශ්වසන අපහසුතා පවතින බවත් එම අවස්ථාවලදී තමන් වෛද්‍ය උපකරණ යොදාගන්නා බවත්ය.

ඒ අනුව ඔහුට නිදාගැනීම සඳහා ඇඳක් ලබාදිය යුතු බවත් ශ්වසන අපහසුතා පවතින අවස්ථාවල එයට අදාළ ප්‍රතිකාර කළ යුතු බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන බවද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here